කොග්ගල මුහුදේ ගිලී රුසියානු ජාතිකයෙකු මරුට

අද (29) සවස හබරාදුව මුහුදේ ගිලුනු රුසියානු ජාතික විදේශිකයෙකු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය‍‍ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 43 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

මොහු කොග්ගල මුහුදේ නාමින් සිට ඇති අතර රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදි ප්‍රදේශවාසින් එක්ව බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය මගින් වැඩිදුර පරික්ෂන පවත්වාගෙන යනු ලැබේ

දිය නෑම අනතුරුදායක කොග්ගල මෝයකටේ තවත් බිල්ලක්

Leave a Reply