කොග්ගල ඇඟලුම් කම්හලක ආහාර විෂවිමකින් පිරිසක් රෝහලට

ආහාර විෂවීමක් හේතුවෙන් කොග්ගල ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු අද (03) පෙරවරුවේ රෝහල්ගතකර තිබෙන බව පොලිසිය පවසයි.

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති අතර ඔවුන් ඉමදූව, අහංගම, කළුගල සහ කරාපිටිය රෝහල්වෙත ඇතුල්කර තිබේ.

අද උදෑසන කම්හලට පැමිණ ආහාර ගැනිමෙන් පසු ටික වේලාවකින් බොහෝ දෙනෙකු රෝගී විමට පටන් ගැනිම නිසා නිසා ගිලන් රථවලින් අවට රෝහල්වලට ඇතුළත් කර තිබේ.

Leave a Reply