කෙක්කෙන් කැඩූ කොස්ගෙඩිය හිස මතට වැටී පුද්ගලයෙකු මරුට

කෙක්කකින් කොස් කැඩීමට ගිය සිව් දරු පියෙකුගේ හිස මතට කොස්ගෙඩියක් වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත වීමෙන් පසු මියයාමේ සිද්ධියක් තෙල්දෙනිය පොලිස් වසමේ පුටුහපුව ප්‍රදේශය මාර්තා වේ.

සිය ගෙවත්තේ අඩි 35 ක් උස කොස් ගසක තිබු පැසුණු කොස් ගෙඩියක් කෙක්කකින් කඩමින් සිටියදී එම කොස්ගෙඩිය හිස මතට වැටි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති අතර රෝහල් ගත කිරීමෙන් දින කීපයකට පසු පසුගිය 10 වන දින මෙම පුද්ගලයා මහනුවර රෝහලේ දී මියගොස් තිබේ

මෙලෙස මියගොස් ඇත්තේ තෙල්දෙණිය පුටුහපුව පදිංචි 66 හැවිරිදි විශ්‍රාමික ළඟම සේවකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *