කුඩා දරුවෙකු ඝාතනය කර සුළු පියාත් මරුට

නිදි ඇඳ මතදී කුඩා දරුවෙකුගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුර නිවස පිටුපස ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බව මීගහතැන්න පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්න පදිංචි වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවෙකි. සියදිවි නසා බවට සැක කරන එම පුද්ගලයා එම ගමේම පදිංචි සිටි 22 අයෙකි

ඔහු ඝාතනයට ලක් වූ දරුවාගේ මවගේ අනියම් පුරුෂයා ලෙස එම නිවසේම ගත කරන අය බවට පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තාවේ. 

දරුවා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *