කුඩාම්මාගේ හිරිහැර කියන්න කුඩා දැරියක් කිලෝමීටර් 4ක් ගෙවා පොලිසියට එයි

සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක කුඩා දැරියක් තනිවම පොලිසියට පැමිණ හඬමින් ඒ බව ප්‍රකාශ කල බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

කුඩම්මා ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා ඇති අතර කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය හඬමින් පැවසූ බව පොලීසිය පවසයි.

දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා  දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බව පොලීසිය පවසයි.

දෑරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති බව පවසන පොලිසිය ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බව වාර්තාවේ.

ඒ අනුව දැරියගේ කුඩම්මා වන හතළිස් එක් හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)

Leave a Reply