කිරි ඉබ්බෙකු මරා මස් කළ දෙදෙනකුට එක්ලක්ෂ හතලිස් දහසක දඩ

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිටි කිරි ඉබ්බෙකු මරා මස් කරමින් සිටි මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 1,40,000ක දඩ මුදලක් ගෙවන ලෙසට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ

මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී කිරි ඉබ්බෙකු මරා මස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ගොවියකු වන අතර අනෙක් පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඉකුත් 8 වැනිදා මනම්පිටිය වන සත්ත්ව නියාමකයන් විසින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දෙදෙනාට මෙලෙස දඩ නියම කර තිබෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *