කිඹුලාගේ කටට අතදමා කොක්ක ගැලවු මෙහෙයුම

කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කර තිබේ.

උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකු මෙම ක්‍රියාව සිදුකර තිබේ.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකුගේ කටට අත දමා මෙය ඉවත් ලර තිබේ.ඒ සදහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහායද හිමිව තිබේ

ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ කුකුල් බොකු සවිකර තිබූ ඇම ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දරා කටයුතු කර තිබේ.

ඒ සඳහා නොමඳව ලැබිණි.

Leave a Reply