කිඹුල් ප්‍රහාරයකින් තරුණයෙකු ජිවිතක්ෂයට

සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දියනෑමට ගිය තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (29) දහවල් අදාළ තරුණයා වැවේ දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රදේශවාසීන් එක් ව අදාළ තරුණයා කිඹුලා ගෙන් මුදාගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ, තෝපූර් පාටලිපුරම් ප්‍රදේශයේ පදිංචි ව සිටි 20 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply