කතරගම මැණික් ගඟේ අංක 02 පාලම අසල තොටුපලේ හිමිනමක් දිය නාමින් සිටියදී අද (17) රාත්‍රියේ කිඹුලෙකු ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේදී කිඹුලා සමග පොර බැඳී හිමිනම දිවි බේරාගෙන තිබේ.
කිඹුලා සමග පොර බැඳිම නිසා හිමි නමගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදුවී කතරගම රෝහල වෙත ඇතුලත් කර තිබේ.
පානදුර ප්‍රදේශය විහාරස්ථානයක 24 හැවිරිදි හිමිනමක් මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
මැණික් ගඟ ආශ්‍රිතව කිඹුල් මිනිස් ගැටුම් බහුලව වාර්තා වන බව ප්‍රදේශවාසීන් පවසයි.