කෑගල්ලේ මාරක රිය අනතුරකින් තිදෙනෙකු මරුට

ඊයේ (09) රාත්‍රී 10.45ට පමණ කොළඹ නුවර පාරේ කෑගල්ල රංවල හන්දියට ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදි කරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ සහ තුල්හිරිය යන ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනකු බවද පොලිසිය පවසයි.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කෑගල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදි තුනක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply