කැස්ස පැණියක් ළමා ජිවිත රැසක් බිලිගනි

ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයෙකු වන “මැරියොන් බයෝටෙක්” සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සිරප් වර්ගයක් පානය කිරීමෙන් අවම වශයෙන් ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව උස්බෙකිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උග්‍ර ශ්වසන රෝගයකින් පීඩා විඳිමින් සිටියදී Doc-1 Max සිරප් ලබා ගත් ළමුන් 21 දෙනෙකුගෙන් 18 දෙනෙකු එය පානය කිරීමෙන් පසු මිය ගිය බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

එම සිරප් කාණ්ඩයේ එතිලීන් ග්ලයිකෝල් අඩංගු වූ අතර එය විෂ සහිත ද්‍රව්‍යයක් බවත් සමාගමක් විසින් මෙම සිරප් උස්බෙකිස්තානයට ආනයනය කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක සදහන් වන බව එම විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඉන්දියානු සමාගමක් විසින් සාදන ලද කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත සිරප් පානය කිරීමෙන් පසු ගැම්බියාවේ අවම වශයෙන් ළමුන් 70 දෙනෙකු මියගිය සිද්ධියක් ද ඉකුත් දිනවල වාර්තා විය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply