කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කරලා

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර තිබියදී එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බව එම වාර්තා සඳහන් කළේය

දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබේ.මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු හතට අඩු අය බවද වාර්තා වෙයි.

ඝාතනය සිදුකල බවට සම්බන්ධ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු 19 හැවිරිදි කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බව ඔටාව පොලිස් ප්‍රධානීයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පළමුව මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය දක්වා තිබුණද පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් ඝාතන සිදුකර ඇති බවය.

දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව ඔටාවා නගරාධිපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply