කාසියක් උගුරේ සිරවි බිළිඳියක් ජිවිතක්ෂයට

මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් බිළිඳිය මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුගම්මන ප්‍රදේශයේ පදිංචි මාස දෙකක් වයසැති බිළිඳියක බව පොලීසිය පවසයි.

මෙම දරු දෙදෙනා නිවසේ පෙරේදා (02) සෙල්ලම් කරමින් සිටියදී වැඩිමල් දරුවා ඔහුගේ නැඟණියගේ කටට කාසියක් දමා තිබේ

උගුරේ කාසියක් සිරවී සිටි සිඟිත්තිය දොම්පේ රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා බිළිඳිය මියගොස් ඇති බව දැනුම් දී ඇත

සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ, රමේෂ් අලගියවන්න විසිනි.

ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසයි.

Leave a Reply