කාබුල් නුවර රුසියානු කොන්සල් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ප්‍රහාරයෙන් ප්‍රහාරයෙන් රුසියන් තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු ද ඇතුළු 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කර ඇත. කාබුල් අගනුවර කොන්සල් කාර්යාලයට එල්ල වුණු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය කනගාටුව පළ කර ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරු කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට කඩා වදිද්දී කොන්සල් කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබෙන අතර එහිදී වෙඩි ප්‍රහාරයට ලක් වෙමින් කොන්සල් කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වුණු බෝම්බකරු බෝම්බය පුපුරුවා ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කළේ ය

තලේබාන්වරුන් බලයට පත්වීමෙන් පසු එරට විදෙස් තානාපතිවරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු පළමු ප්‍රහාරය මෙයයි.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *