කාන්තා ඝාතන තුනක සැකකරුවෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

කාන්තාවන් තුන්දෙනෙකුගේ ගෙළ සිරකර ඝාතනය කළ සැකකරුවෙකු ඇල්පිටිය – අවිත්තාව ප්‍රදේශයේ දී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යගිරල ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 2 වනදා ඉත්තෑපාන ප්‍රදේශයේදී සහ පසුගිය පෙබරවාරි මස පළවනදා ද ඇල්පිටිය ප්‍රදේශයේදී මෙම ඝාතන සිදුකර දේපල කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී කොල්ලකන දේපලවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *