කාන්තාවන් දෙදෙනා කාණුවකට පෙරලා රන් මාල දෙක කොල්ලකාලා

නිවසේ සිටින බලු පැටියාට ප්‍රතිකාර ලබාදිමට ගොස් එමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදිය බිම පෙරලා කොල්ලකරුවන් දෙදෙනකු පෙරේදා (03) රාත්‍රි ඔවුන්ගේ රුපියල් අට ලක්ෂයක් පමණ වටිනා රන්මාල දෙක කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මාගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් නිවසේ සිටින බලු පැටියාට ප්‍රතිකාර ලබාදිම සඳහා තම සැමියාගේ නංගි සමග යතුරු පැදියෙන් පේදුරුවෙල හන්දියේ පශු වෛද්‍යවරයෙකු වෙත ගොස් රාත්‍රියේ ආපසු එමින් සිටියදි යතුරු පැදියක් ඉදිරියට පැමිණ ඇත.

එහි සිටි පුද්ගලයින් දෙදෙනා යතුරු පැදිය ආපසු හරවාගෙන පැමිණ කාන්තාවන් දෙදෙනාගේ යතුරු පැදිය බිම පෙරලා ඇති අතර එවිට ඔවුන් දෙදෙනා කාණුවට වැටි ඇත. ඒ සමගම යතුරු පැදියේ පැමිණි දෙදෙනා කාන්තාවන් දෙදෙනාගේම ගෙල බැඳි රන් මාල දෙක කොල්ලකා පලාගොස් ඇත.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

Leave a Reply