විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියකට වරදකරු වු පූජකයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (20) නියම කර තිබේ.
සිර දඬුවමට අමතරව රුපියල් 10000ක දඩයක් නියම කළ මහාධිකරණය එම දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමක් ද නියම කර තිබේ.
මෙලෙස දඬුවම් නියමව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකුටය
2012 වර්ෂයේ ජූනි මස 28 වනදා දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට පැවසෙන ස්ථානය වෙත ගොස් ඇත. එහිදී සැකකාරු විසින් සුක්ෂම ලෙස එම පෙම්වතා සහ සිය බිරිඳ බැහැරට යවා මෙම අපරාධය සිදු කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.
පසුව සැකකරු විසින් අදාළ කාන්තාව දූෂණයට ලක්කර ඇති බවට අනාවරණය වී ඇත.