කළු ගඟ කලපුවේ දිය නෑමට ගිය සිසුන් තිදෙනකු ජිවිතක්ෂයට

කළුතර, කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද (14) පස්වරුවේ දිය නාමින් සිටී 16 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 15 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල සහ දොඩංගොඩ ප්‍රදේශයේ තිදෙනකු බව පොලිසිය පවසයි.

විනෝදයට දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති අතර, පසුව ඔවුන් ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගත කිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණ සදහා මෘත දේහ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර කළුතර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply