බිග් මැච් තරග පැවැත්වීමේ දී අදාළ පාසල් විසින් පොලීසිය සමග සාකච්ඡා කර යම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පොලීසිය පවසයි.
පාසල් අතර සුහදතාවය වර්ධනය වීමට පවත්වන බිග් මැච් තරග සංවිධානය කරන පිරිස් වෙත එහි වගකීම පැවැරෙන බවත් විනයක් පවත්වාගෙන යමින් එය සිදුකිරීමට අවදානය යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කර තිබේ.
පසුගිය ඉරිදා දින පයාගල ක්‍රීඩාංගණයක පැවැති එක්දින පාසල් ක්‍රිකට් තරගයක් අවසන් වීමත් සමග පාසල් සිසුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අදාළ සිදුවීම පොලීසිය මැදිහත් වී පාලනය කර තිබූ බවත් එම අවස්ථාවේදී යම් සිදුවීමක් වු බවට පොලීසියට වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අද (02) උදෑසන දරුවෙකුගේ මවක් විසින් සිය දරුවා පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පැවසීය.
පැමිණිල්ල ලැබීමත් සමග මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අදාළ සිදුවීමේ දී පයාගල පොලීසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පහරකෑමට ලක්වු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍ය නොවන බව ද කියා සිටියේය.