කළුතර පාසල් දෙකක් අතර ක්‍රිකට් සටන ගැටුමකින් කෙලවර වෙයි

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී අද (01) සවස ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ ක්‍රිකට් ක්‍රිඩකයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බවද පොලිසිය පවසයි.

මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති එක් දින තරගය අවසානයේදී අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply