කළුතරදී තරුණයෙක් ඝාතනය කරලා

කළුතර පලාතොට ප්‍රදේශයේදී   අද පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

මියගොස් ඇති තරුණයා සිය නිවස පිටුපසදී පහරකෑමට ලක්ව ඇති බවත් පහරදීම සිදුකල ස්ථානයේ විශාල ලේ පැල්ලම් දක්නට ලැබුණු බවත් පහරදීම සිදුකල පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සදහන් පවසයි.

පහරකෑ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරීමේදී මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *