කරාපිටියේ රෝහල් ගොඩනැගිල්ලකින් රෝගියකු බිමට පනී

ගාල්ල කරාපිටිය රෝහල ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලෙන් බිමට පැන බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිමට පැන ඇත්තේ වීරවිල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත 35 හැවිරිදි සෙබළකු බව ද පොලිසිය පවසයි.

මෙම සෙබලා රෝගී තත්ත්වයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.

බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *