කරවල මිල අඩුවෙයි

පසුගිය මාස 6කට සාපේක්ෂ ව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති ආර්.ජී. විල්සන් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ රටේ මතුවු ඩොලර් ප්‍රශ්නය සහ තෙල් ප්‍රශ්නය හේතුවෙන් දේශිය වශයෙන් මුහුදු යෑමට නොහැකි වු බවත් දැන් සාමාන්‍යයෙන් හොඳ අස්ස්වැන්නක් ලබෙන බවත් ඉදිරි මාස දෙකෙද අඩුවීමක් බලාපොරොත්තු විය හැක බවත් මහතා පවසයි.

ඒ වගේම පසුගිය කාලේ කරවල ආනයනකරුවන් තිස් දෙනකු පමණ සිටි බවත් එය දහයක් දොළහක් දක්වා අඩුවූ බවත් ආනයනකරුවන්ගේ අඩුව හේතුවෙන් ද මිල වැඩි වූ බව ඔහු පවසයි.

රුපියල් 1300ක් ව පැවැති ලින්නෝ කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800කටද, රුපියල් 1200කට පැවති බලයා කිලෝග්‍රෑමයක තොග මිල 800කටද, සාලයා සහ කිරිමින් කරවලද 50% කින් අඩු බව ඔහු පැවසීය.

දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් කරවල මිල අඩු වී ඇති බව ඔහු පැවසුවත් ජනතාව පවසන්නේ දැනෙන ආකාරයට තවමත් කරවල මිල අඩු වී නොමැති බවයි

Leave a Reply