ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක පීලිපැන එක් දුම්රිය මැදිරියක් පෙරළීමෙන් 16 දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
අද දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීලිපනිනවාත් සමග එක් දුම්රිය මැදිරියක් පෙරළී ගොස් ඇති අතර එහි ගමන් ගත් මගීන් මෙසේ තුවාල ලබා ඇත. තුවාලකරුවන් අතර දුම්රිය නියාමකවරයා ද වන බවද වාර්තාවේ.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.