කතරගම වැඩිහිටි කන්දේදී කැබ් රියක් පෙරළී පිරිසක් රෝහලට

කතරගම වැඩිහිටිකන්ද දක්වා බැතිමතුන් රැගෙන යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබේ.

අනතුරින් රියදුරුට තුවාල සිදුව නොමැති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.

කතරගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply