කතරගම දරුවෙකු කිඹුල් ග්‍රහණයෙන් මුදාගනී

කතරගම දෙටගමුව වැවේ පළා කැඩීම සඳහා දෙමව්පියන් සමග ගොස් සිටි දරුවෙකු කිඹුලෙකු විසින් ගොදුරු කර ගැනීමට දැරූ උත්සාහයක් ප්‍රදේශවාසීන් විසින් ව්‍යර්ථ කර දරුවා බේරාගැනීමට සමත්ව තිබේ.

දරුවා කිඹුලා විසින් ඩැහැගෙන ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයකින් දරුවා මුදා ගෙන තිබේ. තුවාල ලැබූ දරුවා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහ රෝහලක් වෙත යොමු කිරීමට ගිලන් රථයට ඉන්ධන නොමැති වීම හේතුවෙන් දරුවා ලොරි රථයකින් රැගෙන යාමට සිදු ව තිබේ.

මෙවැනි සිදුවීම් වාර්තා වන පළමු අවස්ථාව මෙය නොවීම හේතුවෙන් මෙම තත්ත්වය තුළ ජලාශ භාවිතයේ දී වැඩි අවධානයෙන් කටයුතු කිරීම වඩා වැදගත් වේ

Leave a Reply