අවුරුදු උත්සවයක් නැරඹීමට ගොස් සිටියදී කණා මුට්ටිය බීඳීමේ තරගයකට ඉදිරිපත් වී සිටි තරගකරුවකු කණා මුට්ටියට එල්ල කළ පොලු පහරක් වැදීමෙන් තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙකු පෙරේදා (10) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.
මොණරාගල සිරිවිජයපුර ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි කුඩා දරුවෙකු මෙසේ තුවාල ලබා ඇත
මෙම සිඟිති දරුවාගේ මවුපියන් දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නවතා තබා සේවයට ගොස් ඇති බවත්, එහි පැවති අවුරුදු උත්සවයක් නරඹමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය.
දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බව බදුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර තිබේ.