කඩදාසි හිඟය නිසා දින දර්ශන හා දින පොත් කප්පාදුවක්

රට තුළ පවතින කඩදාසි හිඟය මුද්‍රණය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය වල මිල ඉහළයාම ආදී කරුණු හේතුවෙන් දින දර්ශන සහ දින පොත් මුද්‍රණය අඩු වී ඇති බව දින දර්ශන සහ දින පොත් මුද්‍රණකරුවන් පවසයි.

දින දර්ශන සහ දිනපොත් සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කළ වසර ලෙස උදාවු 2023 වසර හදුන්වා දිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීමට ලබාදෙන ඇනවුම්ද විශාල වශයෙන් අඩු වී තිබේ

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ගණුදෙනුකරුවන්ට සෑම වසරකම දින දර්ශන නොමිලයේ ලබා දෙන අතර, මෙවර එලෙස බැංකු මඟින් මුද්‍රණ ඇනවුම්ද අඩු කර ඇති බවයි මුද්‍රණකරුවන් ප්‍රකාශ කළේ.

ඇතැම් පෞද්ගලික ආයතන දින දර්ශන මුද්‍රණය කරනවා වෙනුවට පාරිභෝගිකයන්ට සමාජ මාධ්‍ය හරහා ඒවා යොමු කිරීමටද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *