කටුවන යතුරු පැදි අනතුරකින් පිය පුතු දෙදෙනෙකු ජිවිතක්ෂයට

කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී  යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි.

මෙම අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය අබකොළවැව ප්‍රදේශයේ පදිංචි දික්වැල්ල පොලීසියට අනුයක්තව සේවය කල 27 හැවිරිදි අයෙකු සහ 61 හැවිරිදි ඔහුගේ පියා බවද පොලිසිය පවසයි.

අබකොළවැවේ සිට ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබු ඔවුන් දෙදෙනා කටුවන හා ඇඹිලිපිටිය රෝහල් වලට ඇතුළත් කලද ඒ වන විටත් ඔවුන් මිය ගොස් ඇති බව වාර්තාවේ.

මෙම අනතුර සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *