සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි කටාර් ජාතිකයකු දුම්රියකින් ගමන් කරමින් සිටි අතරතුර ඔහු සතුව තිබූ රුපියල් දස ලක්ෂ අසු එක්දහසක් පමණ වටිනා දේපොළ අඩංගු බෑගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන පලාගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.
එම බෑගයේ තිබු ඇමරිකන් ඩොලර් නෝට්ටු 1000, කටාර් රියාල් 700ක් මෙරට මුදලින් රුපියල් 30,000, රුපියල් 4,81000 වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ පවර් බෑන්ක් එකක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව එම විදෙස් ජාතිකයා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම විදේශිකයාගේ ගමන් බෑගය සොරාගෙන පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට දියතලාව පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.