ඔන්චිල්ලාවෙන් ආ මාරයා පාසල් සිසුවෙකු බිලිගනි

පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි.

මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි අධ්‍යාපනය හදාරන ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි සිසුවෙකි.

මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නිවසේ සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරනයවූ බවද පොලීසිය පවසයි

තම බාල සොයුරා සමග මෙම ළණුවේ ආධාරයෙන් ඔංචිලි පැද ඇති බවද පැවසේ

සිසුවා ලණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply