එළුමස් කටුවක් උගුරේ හිර වී කාන්තාවක් මරුට

එලුමස් කටුවක් උගුරේ හිර වී තුවාල ලැබූ යාපනය චාවාකච්චේරී ප්‍රදේශයේ කාන්තාවක් ඉකුත් 07 වනදා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ

මෙසේ මියගොස් ඇත්තේ යාපනය චාවාකච්චේරී ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වූ 46 හැවිරිදි කාන්තාවකි.

ඇය ආහාරයට එලුමස් අනුභව කළ අවස්ථාවේදී එලුමස් කටුවක් උගුරේ හිරවීම නිසා එය ඉවත් වීමට ඉදුණු කෙසල් අනුභව කළද මස් කටුව නොගිය බැවින් ඇයව රෝහල් ගත කොට තිබේ.

වෛද්‍යවරු මස්කටුව නිරීක්ෂණය කිරීම සදහා ඇයගේ උගුරට කැමරාවක් යැවීමට සූදානම් වූ අවස්ථාවේදි ඇය ඊට බිය වී රෝහලෙන් පැන ආපසු නිවසට පැමිණ තිබේ.

නිවසට පැමිණ ස්වල්ප වේලාවකදී ඇය එක දිගටම ලේ වමනය කරන්නට පටන් ගැනීම නිසා යළිත් වරක් ඇගේ ස්වාමියා ඇයව රෝහල් ගත කොට තිබේ

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් එම මරණය උගුරේ මස් කටුවක් සිර වී ඇති වූ තුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා මරණය සිදු වූ බවට නිගමනය කොට තිබේ

යාපනයේ චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ මළ සිරුර ඥාතීන් වෙත බාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *