ඌරගස්මංහන්දිය වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (14) රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply