උසස් පෙළ සිසුවාගෙන් සාමාන්‍ය පෙළ සිසුවාට පිහි ප්‍රහාරයක්

කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇනිම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය පවසයි.

මේ පිහි ඇණුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ 11 වැනි වසරේ ශිෂයකු බව ද පොලීසිය පවසයි.

පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම 12 වැනි වසරේ ශිෂයයකු බවද පොලීසිය පවසයි.

මේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය පවසයි.

පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

Leave a Reply