උඳුවප් පෝදා පානදුරෙන් ඇසුනු ඛේදජනක සිදුවිම

වසරේ අවසාන පොහොය වන උදුවප් පොහොය යෙදුණු අද (07) පානදුර නගරය මහ මග දමා අතරමං කර ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කර තිබේ.

වයස අවුරුදු 70,78 සහ 85 වියෙහි පසුවන වදුරම්මුල්ල , හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි වැඩිහිටි කාන්තාදන් තිදෙනකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කර තිබේ.

වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් ඇය පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply