උතුරේ ගව රෝගයකින් ගවයන් මරුට

මේ දිනවල කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් ගවයින් 30කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව කිළිනොච්චිය ගොවීන් ප්‍රකාශ කර තිබේ.

ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර, එම ගෙඩි පුපුරා තුවාල ඇති වී ඇතැම් ගවයින් මියයමින් සිටින බවද ගොවීහු ප්‍රකාශ කර තිබේ.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර තුළ ගවයින් 250කට අධික ප්‍රමාණයකට එම රෝගය ට ගොදුරු වී ඇතැයි වාර්තා වෙයි.

එම සංඛ්‍යාව පිළිබඳ නිසි ගණනයක් සිදුකොට නොමැති බැවින් රෝගයට ගොදුරු වූ ගවයින් ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද ගොවීන් සඳහන් කර තිබේ.

දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිලධාරීන් ගොවි ජනතාවට සඳහන් කර ඇත්තේ, ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්ත්වයක් දිස්ත්‍රික්කයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවය.

ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයට ලබාදෙන බෙහෙත් පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බවද ගොවි ජනතාව පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *