උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දුපත අසල මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ ප්‍රකාශ කළේය.

මේ අතර මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ ඒකක 5.9 ලෙස සටහන් වි ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳව හෝ සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීම් කිසිවක් මේ වන විටත් නිකුත් කර නොමැති බව වාර්තාවේ

මේ අතර මෙම භූ චලනය සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව වෙරළාශ්‍රිත පදිංචි ජනතාව අවධානයෙන් පසුවන ලෙස ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Leave a Reply