උතුරු නැගෙනහිර ගවයන් එළුවන්ගේ මරණයට හේතුව අධික සීතල බව හෙලිවෙයි

පසුගිය දිනවල උතුරු නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන්ගේ මරණවලට හේතුව  සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වයක් බව පේරාදෙණි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ විමර්ශනයෙන් තහවුරු වී තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සතුන්ගේ මරණවලට හේතුව පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ඊයේ (12) දැනුම් දී තිබුණු අතර ඒ අනුව මෙම මරණවලට හේතුව අද තහවුරු වී තිබේ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.

දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇතැයි ද  ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබෙන බවද විමර්ශන වාර්තාව වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply