උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් නව නීතියක් සම්මත කරයි

තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ආපස්සට හැරැවිය නොහැකි යැයි ද නායක කිම් ජොන් උන් අවධාරණය කර තිබෙන අතර තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක සතුරන්ට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ද උතුරු කොරියානු නායකයා පවසා ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ ඔවුන්ගේ මෙම ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. එසේ සම්බාධක පනවා පනවා තිබියදී 2006 සිට 2017 තෙක් කාලයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 6 ක් සිදු කර ඇති ඇති බවද එම වාර්තා සඳහන් කළේ ය

Leave a Reply