උණුසුම් කාලගුණය නිසා දරුවන් එළියට යවන්නේ පරිස්සමෙන්

පවතින දැඩි උණුසුම නිසා දරුවන් විවිධ ආබාධවලට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

එම තත්ත්වය උත්සන්න වුවහොත් තාප කම්පන, තාප ආඝාත තත්ත්ව දක්වා වර්ධනය වීම හෝ අවාසනාවන්ත ලෙස මරණයට පත් වීම පවා සිදු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එබැවින් දරුවන් එළිමහන් ක්‍රියාකාරම් සඳහා යොදා ගන්නේ නම්, හැකිතාක් උදෑසන 11.00ට පෙර එම කටයුතු අවසන් කරන ලෙස ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා…

“විවිධ ක්‍රීඩා උත්සව පැවැත්වෙනවා. ඒ නිසා දරුවෝ වැඩිපුර එළියේ ඉන්නවා. විද්‍යාල අතර ක්‍රිකට් තරග, විශේෂයෙන් ම මහා ක්‍රිකට් ගැටුම් ඒ වගේ දේවල්. නමුත් පරිසරයේ තාපය වැඩි වීම නිසා, දරුවන්ගේ තෙහෙට්ටු ගතිය වැඩි වෙන්න පුළුවන්. මහන්සිගතිය වැඩිවෙන්න පුළුවන්. මස්පිදු පෙරළීමේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සහ මේ තත්ත්වය උත්සන්න වුණොත් තාප කම්පන, තාප ආඝාත තත්ත්ව දක්වා වර්ධනය වෙන්න පුළුවන්. සමහරවිට අවාසනාවන්ත ලෙස මෙයින් ජීවිත හානි පවා සිද්ධ වෙන්න පුළුවන්. උදෑසන 11ට ප්‍රථම හැකි පමණ ඒ ක්‍රීඩා කටයුතු අවසන් කරලා දැඩි අව් රශ්මිය පවතින උදේ 10 – 11 පස්සේ වෙලාවට ඒවායින් වැළකී සිටිනවා නම් වැඩිය හොඳයි.”

Leave a Reply