උණ්ඩ කඩු සමග දෙදෙනෙකු වැලිගමදි අත් අඩංගුවට

වෙඩි බෙහෙත්, ජීව පතොරම් ඇතුළු ආයුධ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 43ක් සහ 50 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ  04ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 14ක පමණ ප්‍රමාණයක් සහ කඩු ඇතුළු ආයුධ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඔවුන් අද (27) වැලිගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *