උණවටුන මුහුදේ නාන්න ගිය එක් තරුණයෙකු මරුට තවත් අයෙකු අතුරුදහන්

ගාල්ල, හබරාදුව දළවැල්ල මුහුදේ අද (04) පස්වරුවේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු දියේ ගිලීමෙන් ඉන් එක් අයෙකු මියගොස් තවත් තරුණයෙකු අතුරුදහන් වී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තවත් එක් තරුණයෙකු දිවි බේරා ගෙන ඇති බව ද පොලිසිය පවසයි.

තිදෙනෙකු දිය නෑම සඳහා අද සවස දළවැල්ල මුහුදට ගොස් ඇති අතර පළමුව තරුණයන් දෙදෙනකු දියට බැස ඇති. එහිදී ඔවුන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. එම අවස්ථාවේ අනෙක් තරුණයා ඔවුන් බේරා ගැනීමට ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දෙදෙනෙකු බේරාගෙන ගොඩට ගෙනවිත් ඇත.

එහිදී එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා දිවි බේරාගෙන තිබේ.

මියගිය තරුණයා 27 හැවිරිදි වියෙහි පසුවන වලහන්දුව පදිංචි අක්මිමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන බහු කාර්ය සේවකයෙකු බවත් අතුරුදන් තරුණයා 24 හැවිරිදි වියෙහි පසුවන අක්මීමන පදිංචි අයකු බවද පොලිසිය පවසයි.

අතුරුදහන් පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ..

මියගිය අයගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන ලබයි.

Leave a Reply