උණවටුන මුහුදේ ගිලී පුද්ගලයෙකු මරුට 

හබරාදුව උණවටුන වැල්ල දේවාලය අසල මුහුදේ නාමින් සිටියදි ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස අසල සිටි අය විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයෙකු මියගිය බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් දොළොස්බාගේ ගලමුදුනවත්ත පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අය ඇතුලු තවත් පිරිසක් උණවටුන මුහුදේ නාමින් සිටියදි දෙදෙනෙකු ගසාගෙන යනු දුටු ප්‍රදේශවාසින් ඔවුන් බේරාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහල වෙත යවා ඇත.

ඔවුන් රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මොහු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයාගේ තත්වයද බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.

සිද්ධිය හබරාදුව ‍පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply