උඩුගමදී කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත් අඩංගුවට

ගාල්ල, උඩුගම සමගි ගම ප්‍රදේශයේ දී පොලිසියට ලද තොරතුරක් මත කේරල ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම සහ අනුරාධපුරය පදිංචි තරුණයන් දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනා අද (25) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර උඩුගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply