උගන්ඩාවේ ඉබෝලා වසංගතයක් : සති දෙකක් එරට සියලුම පාසල් වසා දැමේ

ඉබෝලා වෛරස වසංගත බියක් හේතුවෙන් එම වෛරසය පැතිරයාම මැඩපැවත්විමට උගන්ඩාවේ සියලුම වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ නිර්දේශය අනුව උගන්ඩාව මෙම පියවර ගෙන තිබේ.

පසුගිය මාස දෙක තුළ මෙම වෛරසයෙන් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් ඇති අතර සැප්තැම්බර් 20 වන දින වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉබෝලා මරණ 22 ක් සිදුව තිබේ.

පාසල් වසා දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ පාසල් දරු දැරියන් 08 දෙනකු වෛරසය ගොදුරුව මිය යාමෙන් පසුවයි.

ඉබෝලා වසංගතය ස්වාභාවිකවම පළතුරු වවුලන් ආශ්‍රිතව පවතී. රෝගය මිනිසුන් වෙත සංක්‍රමණය වීම බොහෝවිට රෝගය ආසාදනය වූ චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් සහ පළතුරු වවුලන්ගේ රුධිරය හෝ වෙනත් තරලයන් මාර්ගයෙන් සිදුවේ.

ඉබෝලා මිනිසුන් අතර පැතිර යාම, බොහෝවිට තුවාල වූ සම, රුධිරය බඳු රෝගියකුගේ ඕනෑම තරලයක් හරහා සිදුවිය හැකි අතර, රෝගීන් පාවිච්චි කළ තුවා බඳු දේ හරහාද වෛරසය පැතිර යාම සිදුවේ. විශේෂයෙන් ඉබෝලා වෛරස රෝගීන්ට සාත්තු කරන පිරිස් වෙතද රෝගය පැතිර යාම නිතර දැකිය හැකිවේ.

Leave a Reply