ඉරානයේ බිහිසුණු බෝම්බ ප්‍රහාර දෙකකින් විශාල පිරිසක් මරුට

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කාසිම් සොලෙයිමානි ඝාතනය කර සිව්වන සංවත්සරය සමරන මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකෙන් අවම වශයෙන් පුද්ගලයින් 103 දෙනෙකු මිය ගොස් 150 තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

කාසිම් සොලෙයිමානිගේ සංවත්සරය සැමරුම් පෙරහැරට එල්ලවූ පිපිරීම්වලින් ද තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එම වාර්තා සඳහන් කළේය.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම මාර්ගයක මළ සිරුරු කිහිපයක් දැක්වෙන වීඩියෝවක් ඇතුළු තවත් විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලය හරහා සංසරණය වන අයුරු දකින්නට ලැබේ.

2020 දී ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් Qasem Soleimani’s මිය සැමරීමේ උත්සවයක කොටසක් ලෙස අද (03) සිය ගණනක් මිනිසුන් සොහොන් දෙසට පා ගමනින් ඇවිද ගොස් තිබේ.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙයිනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් කාසිම් සොලෙයිමාන් හඳුන්වනු ලබයි.

ඉරානයේ උත්තරීතර නායකයා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය ‘විප්ලවීය හමුදාවේ’ විශේෂ අංශයක් වන අතර එය මෙහෙයවූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ඉරානයේ ප්‍රසිද්ධ වී සිටියා.

සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ හැකි බව ඉරාන සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply