ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බැවින් මේ දිනවල දැඩි අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලති.

ගර්භිණී කාන්තාවන්, නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්, කුඩා දරුවන් යනාදීන්ට මෙම වෛරස ආසාදනයන් වැලදීම වළක්වාගත යුතු බවත් ඔවුන්ට ආසාදනය වුවහොත් ජීවිතය අහිමි වීම් පවා සිදු විය හැකි බවත් වෛද්‍යවරු පවසති.

මෙම ආසාදනයන්ගෙන් වැළකී සිටීමට නම් මේ දිනයන්හි සෙනඟ ගැවසෙන ස්ථානයන්ට යන විට දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ද වෛද්‍යවරු ප්‍රකාශ කරති.

සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස රෝග ලක්ෂණ මේ දිනයන්හි ජනතාව අතර වැඩිපුර පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මෙම රෝග බෝ වීමක් සිදු වන අතර, මෙවැනි රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් සෙනඟ ගැවසෙන ස්ථානයන්ට නොයා යුතු බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

උත්සව සහිත කාලයක් හේතුවෙන් ජනතාව එළියේ ගැවසීම වැඩිපුර දැකිය හැකි බවත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස රෝග ලක්ෂණ තිබේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් වෛද්‍යවරු පවසති.

Leave a Reply