ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 365කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 346 කි.

ඔටෝ ඩීසල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 308කි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236කි.

Leave a Reply