ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වෙයි

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශවල සහාය ලබාගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිවුවද එය මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

ඉන්ධන සංචිත ප්‍රමාණවත් තරම් රටතුළ පවතින බවද ධිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply