ඉන්ධන ප්රවාහනය කරන බවුසරයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔයෙන් පහළට පෙරළී යාමෙන් අද (23) අලුයම සිදුවු අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය පවසයි.
පුත්තලම – කල්අඩියේ පිහිටි කර්මාන්ත පුරයට දැවිතෙල් තොගයක් ප්රවාහනය කර ඇති බවුසර් රථය ආපසු කොළඹ බලා ගමන් කරමින් සිටිය දී එලෙස අනතුරට ලක්ව තිබෙන අතර බවුසරය මාර්ගයේ බත්තුළුඔය හරහා ඇති ආරක්ෂිත වැටද බිඳගෙන පෙරළී ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිට ඇත්තේ රියදුරු පමණක් වන අතර ප්රදේශවාසීන් සහ පොලීසිය එක්ව අනතුරට පත්ව ඇති බවුසරයේ රියදුරු බේරා ගැනීමට කටයුතු කර ඇත.
බත්තුළුඔය පාලමේ ඇති ආරක්ෂිත වැටද කඩා ගෙන ඔයට පෙරළී ඇති බවුසරය මීටර් 100ක පමණ දුරක් ගසා ගෙන ගොස් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය හරහා ඇති කළු පාලමේ ගැටී නැවතී ඇති අයුරු දක්නට ඇත.
රියදුරුට නින්දයාම සහ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.